ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමාව අයදීයි

අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපළේ සිදු වූ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව එම සමාගම සඳහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් ක්‍රියාත්මක කරනු ලබන පිරික්සුම් කවුන්ටරවල (Check-in counter) සිදුවු ප්‍රමාදයන් තාවකාලික, සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයන් නිසා සිදු වූවක් බවයි.

මෙය කිසිඳු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම දන්වා සිටින්නේ.

මේ වනවිට ඇතුල්වීමේ කවුන්ටර මෙහෙයුම් (Check-in counter operations) සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර, මෙම මෙහෙයුම් ප්‍රමාදයන් නිසා අපහසුතාවයට පත් වූ සිය ගුවන් මගීන්ගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමාව අයැද සිටිනවා.

මේ අතර අද (25) උදෑසන දසත නිව්ස් වෙත වාර්තා වුණේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සිය රාජකාරී කටයුතු කිහිපයකින් ඉවත් වී ඇති බවයි.

ඒ හේතුවෙන් අද (25) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර 04ක් ප්‍රමාද වී ඇති බව ද වාර්තා වුණා.

කෙසේ වෙතත් මේ වනවිට එම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට එම සේවකයින් කටයුතු කර තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාවයන්ට කඩිනමින් විසඳුම් ඉල්ලා ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය මෙම වැඩවර්ජනය ආරම්භකර තිබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න සඳහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් විසින් සේවකයින්ට පරුෂ වචනයෙන් පවා බැන වැදීම් සිදුකරනු ලබන බවයි.

අද උදෑසන ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයට මෙම තත්ත්වයන් ද හේතු වූ බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
9
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?