ශ්‍රීපාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනෙන් අවසන්

2024-2025 ශ්‍රී පාද වන්දනා සමය මැයි මස වෙසක් පොහෝ දින (12) වන දිනෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ශ්‍රී පාද වන්දනාවාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අද (08) දින මාධ්‍යයට අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව සඳහන් කළ බවයි.

මේ අනුව ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවන් මැයි 13 වැනි දින ශ්‍රීපාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දර මාර්ගයේත්, හැටන් නල්ලතන්නිය ලක්ෂපාන – අවිස්සාවේල්ල මාර්ගයේත්, නල්ලතන්නිය, බගවන්තලාව, බලන්ගොඩ මාර්ගයේත් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය දක්වා වඩම්මවා චාරිත්‍රානුකූලව ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එසේ වඩම්මවන සධාතුක
කරඬුව, සමන් දේව ප්‍රතිමාවන් එහි තැන්පත් කෙරෙනවා.

ශ්‍රීපාද අවාරයේ දී විදේශීය සංචාරකයන් ශ්‍රීපාදස්ථානය සංචාරය කිරීමට නල්ලතන්නි පොලිසිය දැනුවත් කර යෑමට අවසර ලබා දී ඇති බවත්, දේශීය සංචාරකයන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් අවසර ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කර අවසර ලැබීමෙන් පසු ඒ පිළිබදව නල්ලතන්නි පොලිසියට අවසරපත ඉදිරිපත් කර ශ්‍රීපාදය කරුණා කිරීමට අවසර දී ඇති බවත් ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් කියා සිටි‍යා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?