ශ්‍රීපාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනෙන් අවසන්

2024-2025 ශ්‍රී පාද වන්දනා සමය මැයි මස වෙසක් පොහෝ දින (12) වන දිනෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ශ්‍රී පාද වන්දනාවාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අද (08) දින මාධ්‍යයට අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව සඳහන් කළ බවයි.

මේ අනුව ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාවන් මැයි 13 වැනි දින ශ්‍රීපාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දර මාර්ගයේත්, හැටන් නල්ලතන්නිය ලක්ෂපාන – අවිස්සාවේල්ල මාර්ගයේත්, නල්ලතන්නිය, බගවන්තලාව, බලන්ගොඩ මාර්ගයේත් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය දක්වා වඩම්මවා චාරිත්‍රානුකූලව ශ්‍රීපාද අවාරය අවසන් වන තෙක් එසේ වඩම්මවන සධාතුක
කරඬුව, සමන් දේව ප්‍රතිමාවන් එහි තැන්පත් කෙරෙනවා.

ශ්‍රීපාද අවාරයේ දී විදේශීය සංචාරකයන් ශ්‍රීපාදස්ථානය සංචාරය කිරීමට නල්ලතන්නි පොලිසිය දැනුවත් කර යෑමට අවසර ලබා දී ඇති බවත්, දේශීය සංචාරකයන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් අවසර ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කර අවසර ලැබීමෙන් පසු ඒ පිළිබදව නල්ලතන්නි පොලිසියට අවසරපත ඉදිරිපත් කර ශ්‍රීපාදය කරුණා කිරීමට අවසර දී ඇති බවත් ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් කියා සිටි‍යා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32