ශර්මා ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

දෙරට අතර පැවති එක්දින තරගාවලිය අතර තුර ඔහු මාපටැඟිල්ලේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ටෙස්ට් තරගාවලියෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ආබාධයකට ලක්වූ ශර්මා ප්‍රථිකාර සඳහා යළි ඉන්දියාවට පිටත්කර යැවූ අතර, ඔහු වෙනුවට ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලෝකේශ් රාහුල්හට පැවරුණා.

දෙවැනි එක්දින තරගයේදී ස්ලිප්ස් හි පන්දු රැකීමේදී රෝහිත්ගේ මාපටැඟිල්ල ආබාධයකට ලක් වූ අතර, ඔහුව අවම වශයෙන් දෙවැනි ටෙස්ට් තරගයටවත් සූදානම් කර ගැනීමේ අරමුණින් මෙලෙස ප්‍රථිකාර සඳහා ඉන්දියාව වෙත පිටත්කර යවනු ලැබුවා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ රෝහිත් ශර්මා සුවය ලබමින් සිටින නමුත් ඉදිරි මාස දෙක තුළ තරග සඳහා ඔහුට එක්වීම අවිනිශ්චිත බවයි.

මේ අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 වනිදා ඩකාහි දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ඉන්දියාව ලකුණු 188 කින් ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?