ශර්මා ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

දෙරට අතර පැවති එක්දින තරගාවලිය අතර තුර ඔහු මාපටැඟිල්ලේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස ටෙස්ට් තරගාවලියෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ආබාධයකට ලක්වූ ශර්මා ප්‍රථිකාර සඳහා යළි ඉන්දියාවට පිටත්කර යැවූ අතර, ඔහු වෙනුවට ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලෝකේශ් රාහුල්හට පැවරුණා.

දෙවැනි එක්දින තරගයේදී ස්ලිප්ස් හි පන්දු රැකීමේදී රෝහිත්ගේ මාපටැඟිල්ල ආබාධයකට ලක් වූ අතර, ඔහුව අවම වශයෙන් දෙවැනි ටෙස්ට් තරගයටවත් සූදානම් කර ගැනීමේ අරමුණින් මෙලෙස ප්‍රථිකාර සඳහා ඉන්දියාව වෙත පිටත්කර යවනු ලැබුවා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ රෝහිත් ශර්මා සුවය ලබමින් සිටින නමුත් ඉදිරි මාස දෙක තුළ තරග සඳහා ඔහුට එක්වීම අවිනිශ්චිත බවයි.

මේ අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 වනිදා ඩකාහි දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ඉන්දියාව ලකුණු 188 කින් ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33