ශතක දෙකක් සමඟ කැන්ගරුවන් පළමු ඉනිමේ ගෞරවාන්විත තැනක

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන්වන විට තරගයේ වැඩි ගෞරව අත්කර ගැනීම සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව සිටියා.

දෙවන දිනට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 03ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 330ක්.

ඒ, අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 257ට වඩා ලකුණු 73ක් ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ඉදිරියෙන් පසුවනවා.

අද දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 120ක් රැස් කරගෙන සිටි අතර, ඔහු සමඟ අනෙක් අන්තයේ රැඳී සිටි ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 139ක් රැස්කරගෙන සිටියා.

ස්මිත් අද රැස්කළේ ඔහුගේ 36 වන ටෙස්ට් ශතකය වන අතර, ඇලෙක්ස් කේරි අද රැස් කළේ ඔහුගේ දෙවන ටෙස්ට් ශතකයයි.

මේ වනවිට ඔවුන් දෙදෙනා එක්ව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ සිව්වන කඩුල්ලට ලකුණු 239ක සබඳතාවක් ගොඩනඟා තිබෙනවා.

කඩුලු දවාගැනීමේ දී නිශාන් පීරිස් ලකුණු 70කට කඩුලු දෙකක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 107ක එක් කඩුල්ලක් දවාගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30