ශකීබ් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය මඟ හරී – එක්දින සහ විස්සයි විස්ස තරගාවලියටත් නැහැ

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

මේ අතර ශකීබ්ව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින සංචිත සඳහා ද නම්කර නොමැති බවයි බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපති ජලාල් යූනුස් පැවසුවේ.

පසුගිය වසරේ ලෝක කුසලානයේ සිට ශකීබ් ඔහුගේ ඇසේ ආබාධයකින් පොරබදමින් සිටින අතර, ඒ හේතුවෙන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයේ දී ඔහුට දස්කම් දැක්වීමට හැකියාව ලැබුනේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු තරඟ 11ක දී සමස්ත ලකුණු 249ක් රැස්කර ගත්තා.

“ෂකීබ් ජාත්‍යන්තර ක්‍රිකට්වලට සහභාගී වීමට අවශ්‍ය නැති නිසා ශ්‍රී ලංකාවට එරෙහි සම්පූර්ණ තරඟාවලියෙන් විවේකයක් අවශ්‍ය වුණා. මම හිතන්නේ ඔහුගේ ඇස් මේ මොහොතේ හොඳින් ඇති නමුත් ඔහුට නැවත පැමිණීමට පෙර විවේකයක් අවශ්‍ය බවයි” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපති පවසා සිටියා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් පූර්ණ තරග සංචාරයක් සඳහා එළඹෙන මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයකට එක් වෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය මාර්තු 04 වනදා විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
14
+1
0
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08