ශකීබ් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය මඟ හරී – එක්දින සහ විස්සයි විස්ස තරගාවලියටත් නැහැ

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

මේ අතර ශකීබ්ව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින සංචිත සඳහා ද නම්කර නොමැති බවයි බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපති ජලාල් යූනුස් පැවසුවේ.

පසුගිය වසරේ ලෝක කුසලානයේ සිට ශකීබ් ඔහුගේ ඇසේ ආබාධයකින් පොරබදමින් සිටින අතර, ඒ හේතුවෙන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයේ දී ඔහුට දස්කම් දැක්වීමට හැකියාව ලැබුනේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු තරඟ 11ක දී සමස්ත ලකුණු 249ක් රැස්කර ගත්තා.

“ෂකීබ් ජාත්‍යන්තර ක්‍රිකට්වලට සහභාගී වීමට අවශ්‍ය නැති නිසා ශ්‍රී ලංකාවට එරෙහි සම්පූර්ණ තරඟාවලියෙන් විවේකයක් අවශ්‍ය වුණා. මම හිතන්නේ ඔහුගේ ඇස් මේ මොහොතේ හොඳින් ඇති නමුත් ඔහුට නැවත පැමිණීමට පෙර විවේකයක් අවශ්‍ය බවයි” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපති පවසා සිටියා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් පූර්ණ තරග සංචාරයක් සඳහා එළඹෙන මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයකට එක් වෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය මාර්තු 04 වනදා විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
14
+1
0
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?