ශක්‍ර දෙයියෝ ආවත් විශාල පරිත්‍යාගයක් කරන්න වෙනවා මේක ගොඩ ගන්න -අලී සබ්රි

රට තුළ ඇතිව තියෙන තත්ත්වයට තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව හිටපු මුදල් අමාත්‍ය අලී සබ්රි මහතා පවසයි.

අද (07) දින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.නිවෙස් තුළ විදුලිය, ගෑස්, ඉන්ධන නොමැති විට එම පීඩනය ජනතාව පිටකිරීම ඉතා සාධාරණ බව ද සබ්රි මහතා පැවසීය.

අතීතයේ ව්‍යවස්ථාව රටකට ඇති එකම විසඳුම පැවසු ජනතාව ව්‍යවස්ථාවෙන් පිට විසඳුම් සෙවීමට උත්සහ කරන බව ද ඒ මහතා කියා සිටියේය.

“2018 දී සියලුදෙනාම තර්ක කළේ, දින 52ක ආණ්ඩුවට ඔය විදියටම ව්‍යවස්ථාව රැක ගන්න. ව්‍යවස්ථාව තමා උත්තරීතරම නීතිය කියලා. අද ඔයගොල්ලෝම ඇවිත් හිටගෙන කියනවා ව්‍යවස්ථාවෙන් එළියට ගිහින් විසඳුම් හොයන්න කියලා. අද ඕක කියයි. ඉස්සරහට ඕකෙන් වෙන බලපෑම කල්පනා කරලා බලන්නට ඕනේ. කිසිම මිනිහෙක්ට මේ රටේ ආණ්ඩුවක් කරන්න වෙන්නේ නෑ. අවුරුද්දෙන් අවුරුද්දට මිනිස්සු පාරට ගහයි. මොකද අපි අමාරුම කාලෙක ඉන්නේ. කවුරු ආවාත්, ශක්‍ර දෙයියෝ ආවත්,  අපිට වෙනවා විශාල පරිත්‍යාගයක් කරන්න වෙනවා. අපි එකිනෙකාට ඇඟිල්ල දික්කරලා මේකෙන් එළියට එන්න බෑ. 

අපේ හර්ෂ මැතිතුමාට අපි ආරාධනා කරනවා මේක ඇවිත් භාරගන්න කියලා. අපි දෙන්නම් ඔබතුමාට ඇවිල්ලා ඔයතුමා කරන්න. අපි උදව් කරන්නම්. ගරු හර්ෂ මැතිතුමනි, ඔබතුමා දන්නවා ඔයතුමන්ලාට හිටිය හොඳම බොස් තමා මංගල සමරවීර මහත්තයා කියලා. මංගල සමරවීර ආර්ථික විද්‍යාඥයෙක් නෙමෙයි. එතුමා හොඳ මුදල් ඇමති කෙනෙක් කියලා ඔබතුමා කියනවා. එරාන් වික්‍රමරත්නත් කියනවා. මම හිතන්නේ ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න ඕනේ නෑ හොඳ මුදල් අමාත්‍යවරයෙක් වෙන්න. හොඳට ඇහුම්කන්න දෙන්න ඕනේ, හොඳට තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මේ ප්‍රශ්නේ බරපතළකම තේරුම් අරන් තියෙනවා. ඔබතුමන්ලාට අපිත් එක්ක එකතුවෙලා විසඳුම් හොයන්න කියලා ආරාධනා කරලා තියෙනවා.

මිනිස්සුන්ට ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොරව, සාමකාමීව විරුද්ධත්වය ප්‍රකාශ කිරීම අයිතියක්. අයිතියක් විතරක් නෙමෙයි. ඒක යුතුකමක්. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒක ප්‍රචණඩත්වය කරා යනවා නම් අපිට ඒක කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ සිටින රොෂාන් ප්‍රනාන්දුගේ, කෙහෙළිය රඹුක්වැල්ලගේ, කාංචනගේ ඇතුළු මිනිස්සුන්ගේ ගෙවල් වටකරලා ගල් ගහලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ? ඒක පිටිපස්සේ කවුද ඉන්නේ. 

පොඩි දරුවත් ඇවිත් සමහර උද්ඝෝෂණවල ඉන්නවා. මම දැක්කා ජනාධිපති මන්දිරය ඉස්සරහ ඒ අය නටනවා අවුරුදු 13 – 14 අය. ඒ අයට මේකේ බරපතළ කමක් තේරෙන්නේ නෑ. ඉදිරියට ඔය විදියට ගියාම කවුරුත් මේකට වගකියන්නේ නැත්නම් ඇමතිකම්වල මිනිස්සු වාඩිවෙන්නේ නැත්නම් කවුද මේකට වගකීම ගන්නේ. කාට විරුද්ධව ද ඉස්සරහට විරෝධතා දක්වන්නේ ? මේක විනාශ වුණාම කොහෙට ද යන්නේ ? මේකට විසඳුම කොහොම ද අපි මේ රටට විදේශ විනිමය ගෙන්න ගන්නේ කියන එකට විසඳුමක් අපිට දෙන්න. අපි හිතමුකෝ මේ ඉන්න අය යැව්වා කියලා. වෙනම කට්ටියක් වාඩි වුණා කියලා ඩොලර් එනවා ද? 

මේ තත්ත්වය තේරුම් ගන්න. මට මතකයි ඒ කාලේ අලෙවි මව්ලානා මහත්මයා කියනවා, “තැල්ල බඳින්නත් බෙල්ල තියෙන්න ඕනේ” කියලා” බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බෑ. ඒක නිසා ඔබතුමන්ලා මේ ආර්ථිකය හදන්නත් මේ රට ආරක්ෂා කරගන්න. ඒ නිසා මම නැවත වතාවක් ආරාධනා කරනවා අන්තර් පාලනයකට සම්බන්ධ වෙන්න. ඔබතුමන්ලා සතු විශේෂඥ දැනුම රට වනුවෙන් ආයෝජනය කරන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04