වොෂින්ටන් ගුවන් අනතුරින් මියගිය 27 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ – පරීක්ෂණ සඳහා කළු පෙට්ටි රසායනාගාර වෙත

අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි දී සිදු වූ ගුවන් අනතුරේ පියාසැරි දත්ත රෙකෝඩරය සහ නියමු කුටියේ හඬ රෙකෝඩරය විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

පෙරේදා (29) රාත්‍රියේ දී ගුවන් හමුදා හෙලිකොප්ටරයක් සහ මගීන් රැගත් ජෙට් යානාවක් එකිනෙක ගැටීමෙන් ධවල මන්දිරයට කිලෝමීටර් 05ක දුරින් මෙම ගුවන් අනතුර සිදු වුණා.

ජෙට් යානය සහ හෙලිකොප්ටරය එකිනෙක ගැටීමෙන් එම යානාව රොනල්ඩ් රේගන් ගුවන්තොටුපොළට ගොඩබාමින් සිට ඇති අතර අනතුරින් පසු එම යානා ඒ අසල පිහිටි පොටෝමැක් ගංගාවට ඇද වැටී තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ දී යානා දෙකෙහිම මගීන් සහ කාර්‍යය මණ්ඩල නිලධාරීන් 64ක් සිට ඇති අතර මේ වනවිට ඉන් 27 දෙනෙකුගේ සිරුර ගංගාවේ අතුරුදන් ව තිබියදී සොයා ගැනුණා.

හෙලිකොප්ටර් යානාව අමෙරිකානු ගුවන් සේවයට අයත් එකක් බවත් එහි සොල්දාදුවන් තිදෙනකු ගමන් කරමින් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

PSA ගුවන් සේවයේ බොම්බාර්ඩියර් (Bombardier) CRJ700 ජෙට් යානය සහ සිකෝර්ස්කි UH-60 බ්ලැක් හෝක් හෙලිකොප්ටරයක් මෙම අනතුරට මුහුණපෑවා.

කෙසේවෙතත් අනතුර සිදුවීමට වූ හේතු සොයා බැලීමට යානාවල ‘කළු පෙට්ටි’ වැදගත් වන බවත් එය මගින් තීරණයක් ලබාදිය හැකි බවත් මේ හේතුවෙන් සොයාගත් එම කළු පෙට්ටි අනතුර සිදු වූ ස්ථානයට ආසන්නව පිහිටි NTSB රසායනාගාරයට විශ්ලේෂණයට යවා ඇති බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මෙම ගුවන් යානාව නම් එරට හමුදා පුහුණුවීමකට එක් කර තිබූ එකක් බව ද හෙළි ව තිබෙනවා.

ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අනතුර පිළිබඳ ව සිය ශෝකය පළ කර ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ එම පුවතින් හදවත් බිඳී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?