වෛද්‍ය වෘතීය සමිති යලි වර්ජනයකට යන ලකුණු

ලබන සදුදා දිනයේදී පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු බලාත්මක දිනය පිළිබද ගැටළුවට විශේෂ අවධානයක් යොමුකරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තවදුරටත් අදාල ගැටළුව විසදීම පමා වන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීම පිළිබද තීන්දු ගැනීමට මධ්‍යමකාරක සභාවට සිදුවන බවයි.

මෙම ගැටළුව හමුවේ රට පුරා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇතැයිද අදාල නිවේදනයේ සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?