වෛද්‍ය සාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

පොලිසිය මගින් තමා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන මෙන් ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මහතා විසින් ගොනුකළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 16 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයි රාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 16 වනදා කැඳවන ලෙසටයි.

වඳ සැත්කම් සිදුකිරීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් ප්‍රකාශ කර තිබුණා.

එහෙත් තමන්ව අත්අඩංගුවට ගැනීමේ දී කිසිදු සාධාරණ හේතුවක් පොලිසිය විසින් ප්‍රකාශ නොකළ බව පෙන්වා දෙන පෙත්සම්කාර වෛද්‍යවරයා, අසත්‍ය සහ පදනම් විරහිත කරුණු මත තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34