පොලිසිය මගින් තමා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන මෙන් ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මහතා විසින් ගොනුකළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 16 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයි රාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 16 වනදා කැඳවන ලෙසටයි.
වඳ සැත්කම් සිදුකිරීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් ප්‍රකාශ කර තිබුණා.
එහෙත් තමන්ව අත්අඩංගුවට ගැනීමේ දී කිසිදු සාධාරණ හේතුවක් පොලිසිය විසින් ප්‍රකාශ නොකළ බව පෙන්වා දෙන පෙත්සම්කාර වෛද්‍යවරයා, අසත්‍ය සහ පදනම් විරහිත කරුණු මත තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.














OBA THUMATA ME KALA THUPPAHI WADETA KISIMA SAMAWAK DENNA EPA. APE GENUTH UDA DAGENA WENA EKEK LIYALA DEEPU BORU GODA ADHA BEWA. API SAMANAYA MINISSU ME NATAKA DIHA BALAGENA HITIYA MEKE AWASANAYAK DAKINA KAMMA. DAN EKA WELA. DAN OYAGE ARAMBHAYA. INHALA GENU LAMAYI HADANNA KEMATHI NAHE. MINIHATA WADEYI KORA GANNA WITHARAYI ONA. ITA PASSE UNWA NADATHTHU KARANNA KISIMA SUPPORT EKAK NATHI NISA. OKA DANNA ATHANA METHANA RATHANA TA EREHIWA. EYA THAMAYI OKA AWILUWE. SIRURATA MUWA WELA JATHIWADHAYA AGAMWADHYA WARGAWADHAYA PATHURAWANNE ANNA EYA.