වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡාව අවලංගු කරනවා – ඇමති

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අද (09) දිනයේ දී පැවැත්වීමට සූදානම් වූ සාකච්ඡාව නොපත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය සමබන්ධයේ අදහස් දක්වමින්.

පශ්චාත් සීමා වැසික පත්වීම් සම්බන්ධයෙන් පන නැගුණු ගැටලුව මේ වන විට අවසන් කර ඇති බවත්, එම ගැටලුවට අමතරව එම සංගමයට පවතින වෙනත් ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අද දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණු නමුත්, එම සංගමය ආසාධාරණ ලෙස හැසිරෙන නිසාවෙන්, එලෙස ලබා දී තිබූ සාකච්ඡාව අහෝසි කරන බවට අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
4
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !