වෛද්‍යවරු නැතත් සෞඛ්‍ය වෘත්තීයවේදීන් අඛණ්ඩ වර්ජනයේ (වීඩියෝ)

පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කළ වර්ජනයේ කිසිදු වෙනසක් නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව අනිද්දා(06) පෙරවරු 08ට සිය වර්ජනය ආරම්භ කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ.

එම සංගමයේ සම – කැඳවුම්කරු වන චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනය 24 පැයක වර්ජනයක් බවත් අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්‍යා ළමා රෝහල, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල් විශේෂ රෝගී සේවාවන් ලෙස සලකා එම අංශවල සේවාවන් වර්ජනයට එක් කර නොගන්නා බවයි.

රෝගීන් පීඩාවට පත් කිරීමට අකමැති බවත් හැකි තාක් ඔවුන්ට පීඩනයක් නොදෙන අයුරින් සිය අයිතීන් වෙනුවෙන් සටන් කරන බව ද ඔවුන් පවසනවා.

සිය වැටුප් පිළිබඳ චක්‍රලේඛ ගැසට්ටුව පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ ද, හෙතෙම එම සාකච්ඡාමය අවස්ථාවල දී එහි ගැටලුවක් ඇති බවට පිළිගත්ත ද එය බාහිර ව අදහස් දැක්වීමේ දී ප්‍රකාශ නොකරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන් චෝදනා කරන්නේ.

තම නිලධාරීන් මුහුණපා ඇති ගැටලු කිසිවෙකු අවබෝධ නොකරගැනීම හේතුවෙන් මෙවැනි වර්ජන සිදු කිරීමට සිදු වන බව ද ඔවුන් සඳහන් කරනවා.

මේ අතර රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සභාපති තුෂාර රණදේව මහතා පවසන්නේ පවතින වැටුප් විෂමතා අවසන් වන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

එය එසේ නොවන්නේ නම් දිවයින පුරා ඖෂධ නිෂ්පාදන බෙදාහැරීම් කටයුතුවලින් ඉවත් ව මාර්තු 06 සිට 08 වැනි දින දක්වා සෞඛ්‍ය වෘත්තිකයින් සිය සේවාවලින් ඉවත් වන බවටයි දැනුම්දී ඇත්තේ.

සෞඛ්‍ය සේවකයින් තෘප්තිමත් නොකර පුනරුද යුගයකට ගමන් කළ නොහැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?