වෛද්‍යවරයෙකු සහ ඉන්ධන හල් සේවකයෙකු අතර ඇති වූ ගැටුම දුරදිග යයි

පානදුර ඉන්ධන පිරවුම්හලක කිව් ආර් කේතයට ඉන්ධන ලබා ගැනීමට යාමේදී වෛද්‍යවරයෙකු සහ පොම්පකරුවෙකු අතර ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් වෛද්‍යවරයෙකු පහරක රෝහල් ගතව ඇති බවත් පොම්ප කරුවෙකු අත්අඩංගුවට ගත්බවත් පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බවත්, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් පොලිසිය කීය.

පහරකෑ වෛද්‍ය වරයා පෙරේදා අළුයම 5.20 ට පමණ මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සදහා තවත් තිදෙනෙකු සමග පැමිණ තිබේ. එහිදී කිව් අර් කේතයේ ඉතිරිව ඇති රුපියල් 4000 ක ප්‍රමාණයට වඩා ඉන්ධන ඉල්ලුම් කිරීමේදී දෙදෙනා අතර කතාබහක් සිදුව ඇති බවට හෙලිව ඇතැයි පොලිසිය කීය.

පසුව පිරවුම්හලේ ආරක්ෂක නිළධාරියාද තල්ලුකර දමා පොම්ප කරුගේ කනට පහරක් එල්ලවී ඇති අතර , අත්අඩංගුවේ පසුවන පොම්පකරු පොල්ලක් රැගෙන එලව එලවා පහරදී ඇති බව සදහන්වේ.

ගැටුම සිදුවන අවස්ථාවේ වෛද්‍ය වරයා සමග පැමිණි තිදෙනා වෛද්‍ය වරයා තනිකර පලගොස් ඇති බවත්, පොම්පකරුට පහරදීම සම්බන්දයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් නිළධාරීයෙක් කීය.

පහරකෑ වෛද්‍ය වරයා රෝහල් ගතව ඇති බවත් ඔහු බන්ධනාගාර රෝහලක රාජකාරි කරන අයෙක් බවටත් දැනගන්නට ලැබී ඇති බවද පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
23
+1
1
+1
1
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?