වේල්ලවීදියේ හිස නැති මළ කඳ තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගන්න ඇමැතුම් 200ක්

ට්‍රාවලින් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළ සිරුර හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථන අංකයට පෙරේදා (2 ) දිනයේ පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබුණු බවයි පොලිසිය පවසන්නේ. තම බිරින්දෑවරුන් හා පැනගිය දියණියන්ගේ සිරුරුදැයි තහවුරු කර ගැනිමට විවිධ පුද්ගලයන් විදෙස්ගතව සිටින අයගෙන් පවා වේල්ලවීදිය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චිගේ දුරකථනයට මෙලෙස ඇමැතුම් ලැබී තිබේ.

එමෙන්ම මියගිය තරුණියගේ බාහිර ස්වරූපය අනුව තම දියණියගේද, බිරිඳගේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇතැමුන් ඡායාරූප පවා එවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙරේදා (2 වැනිදා) මෙම සිරුර ගැන තොරතුරක් ඇත්නම් දන්වන්නැයි මාධ්‍ය ඔස්සේ කළ ප්‍රචාරයෙන් පසු මෙම ඇමැතුම් පැමිණ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?