ට්‍රාවලින් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළ සිරුර හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථන අංකයට පෙරේදා (2 ) දිනයේ පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබුණු බවයි පොලිසිය පවසන්නේ. තම බිරින්දෑවරුන් හා පැනගිය දියණියන්ගේ සිරුරුදැයි තහවුරු කර ගැනිමට විවිධ පුද්ගලයන් විදෙස්ගතව සිටින අයගෙන් පවා වේල්ලවීදිය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චිගේ දුරකථනයට මෙලෙස ඇමැතුම් ලැබී තිබේ.
එමෙන්ම මියගිය තරුණියගේ බාහිර ස්වරූපය අනුව තම දියණියගේද, බිරිඳගේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇතැමුන් ඡායාරූප පවා එවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙරේදා (2 වැනිදා) මෙම සිරුර ගැන තොරතුරක් ඇත්නම් දන්වන්නැයි මාධ්‍ය ඔස්සේ කළ ප්රචාරයෙන් පසු මෙම ඇමැතුම් පැමිණ තිබේ.

රටක පිරිහීමේ තරම…..පාලනයකින් තොර සමාජ මාධ්‍ය ..වගේම. අශාවල් පිටිපස්සෙම දුවන ගැහැනුන් මිනිසුන්ගේ අවසාන ය
මෙවැනි අතුරු දහන්වී ඇති තවත් කාන්තාවන් සිටින බව මෙයින් සනාථ වේ. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්වයකි.විමසිලිමත් භාවය නොමැති වීම ප්‍රධාන තම හේතුවයි.
Hitata harema dukak danenawa ape rata monataram pirehilada kiala ..rate samaya rakinna enna aya atin mewage aparada wenawanam api wishiwasa karanne kawada hitaganna bahe ..
Lankawata giya kala