AFC Banner
Empty Ad
Empty Ad

වේයන්ගොඩ පාපතර පුතෙකු පොහොය දිනයේම වැඳූ මව ප්‍රතික්ෂේප කරයි

වැදූ මව ප්‍රතික්ෂේප කළ පුතෙකු පිළිබඳව අද (01) ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දී වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි වයෝවෘද්ධ මවට දියණියක සහ පුතකු සිටින අතර ඔවුන් දෙනාම මේ වනවිට විවාහ වී වෙනම ජීවත් වේ.

වයෝවෘද්ධ මවගේ සැමියා මීට වසර ගණනාවකට පෙර මියගොස් ඇති අතර අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි සිය දියණියගේ රැකවරණය යටතේ වයෝවෘද්ධ මව වසර ගණනාවක් කල් ගෙවා ඇත.නමුත් දියණිය මෙන්ම දියණියගේ සැමියාද අසනීප වීම නිසා මීට මාස තුනකට පෙර වේයන්ගොඩ තල් ගස් කොටේ ප්‍රදේශයේ පදිංචිව සිටින සිය පුතා ලඟට පැමිණ ඇත්තේ පුතාගේ රැකවරණය බලාපොරොත්තුවෙනි.

නමුත් එදා සිට ලේලියගේ සහ පුතාගේ කෙනෙහිලි කම් මැද හැඬූ කඳුළින් දිවි ගෙවූ මෙම වයෝවෘද්ධ මාතාව යම් පිහිටක් පතා වේයන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත.

සිද්ධිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වේයන්ගොඩ පොලිසිය විසින් වයෝවෘද්ධ මවගේ පුත්‍රයා පොලිස් ස්ථානයට කැඳවා විමර්ශන සිදු කළහ.එහිදී දිගින් දිගටම මෙම පාපතර පුත්‍රයා පවසා ඇත්තේ මව භාර බාරගැනීමට නොහැකි බවත් මින් ඉදිරියට මව සමග කිසිදු ඥාතිත්වයක් නොපවත්වන බවත්ය. වේයන්ගොඩ පොලිසිය ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා විසින් මවකගේ ඇති වටිනාකම පිළිබඳව පාපතර පුත්‍රයාට කොතෙකුත් පැහැදිලි කිරීම් කලත් ඉන් පලක් නොවීය.අවසානයේ වයෝවෘද්ධ මව ඇගේ නැගණියගේ පුත්‍රයා විසින් භාර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
10
+1
2
+1
9
+1
27
+1
9
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30

?