වැදූ මව ප්‍රතික්ෂේප කළ පුතෙකු පිළිබඳව අද (01) ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දී වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි වයෝවෘද්ධ මවට දියණියක සහ පුතකු සිටින අතර ඔවුන් දෙනාම මේ වනවිට විවාහ වී වෙනම ජීවත් වේ.
වයෝවෘද්ධ මවගේ සැමියා මීට වසර ගණනාවකට පෙර මියගොස් ඇති අතර අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි සිය දියණියගේ රැකවරණය යටතේ වයෝවෘද්ධ මව වසර ගණනාවක් කල් ගෙවා ඇත.නමුත් දියණිය මෙන්ම දියණියගේ සැමියාද අසනීප වීම නිසා මීට මාස තුනකට පෙර වේයන්ගොඩ තල් ගස් කොටේ ප්‍රදේශයේ පදිංචිව සිටින සිය පුතා ලඟට පැමිණ ඇත්තේ පුතාගේ රැකවරණය බලාපොරොත්තුවෙනි.
නමුත් එදා සිට ලේලියගේ සහ පුතාගේ කෙනෙහිලි කම් මැද හැඬූ කඳුළින් දිවි ගෙවූ මෙම වයෝවෘද්ධ මාතාව යම් පිහිටක් පතා වේයන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත.
සිද්ධිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වේයන්ගොඩ පොලිසිය විසින් වයෝවෘද්ධ මවගේ පුත්‍රයා පොලිස් ස්ථානයට කැඳවා විමර්ශන සිදු කළහ.එහිදී දිගින් දිගටම මෙම පාපතර පුත්‍රයා පවසා ඇත්තේ මව භාර බාරගැනීමට නොහැකි බවත් මින් ඉදිරියට මව සමග කිසිදු ඥාතිත්වයක් නොපවත්වන බවත්ය. වේයන්ගොඩ පොලිසිය ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා විසින් මවකගේ ඇති වටිනාකම පිළිබඳව පාපතර පුත්‍රයාට කොතෙකුත් පැහැදිලි කිරීම් කලත් ඉන් පලක් නොවීය.අවසානයේ වයෝවෘද්ධ මව ඇගේ නැගණියගේ පුත්‍රයා විසින් භාර ගෙන ඇත.














පුලුවන්ද මෙහෙම කරන්න පුතෙකුට.
HITHATA HARI NATHI UNATH BUDU DAHAMA ANUWA BALUWAMA MEWA PERA KARMA KIYALA HITHANNA PULUWAN. GAWUTHAMA BUDUN WAHANSETATH PATHAGENA APU SATHURO HITIYA LANGAMA NEYA WELA. DEVADATHTHA. KEE PARAK MARANNA HADUWADHA. THAWA MONA THRAM AYA HITIYA DHA.