AFC Banner
Empty Ad
Empty Ad

වේග පන්දු ක්‍රීඩක ෆ්‍රෑන්ක් මිසන් අභාවප්‍රාප්ත වෙයි

ඔස්ට්‍රේලියාවේ සහ නිව් සවුත් වේල්ස් හි හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෆ්‍රෑන්ක් මිසන් අභාවප්‍රාප්ත වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

මියයන විට ඔහු 85වන වියෙහි පසු වුණා.

මිසන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සුප්‍රසිද්ධ 1960-61 දේශීය තරඟාවලි සහ 1961 එංගලන්ත සංචාරය හරහා ටෙස්ට් තරග පහක් ක්‍රීඩා කළ නමුත් ඔහුගේ ටෙස්ට් දිවිය ආබාධයක් හේතුවෙන් කෙටි වුණා.

ඔහු මෙල්බර්න්හි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 58 කට කඩුලු 4 ක් ඇතුළුව 38.50 ට කඩුලු 16 ක් දවා ගත්තා.

ඔහු නිව් සවුත් වේල්ස් කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග 71කට ක්‍රීඩා කර ඇති අතර 1958 සිට 1964 දක්වා වූ කෙටි තරග දිවියකදී 31.13ට පළමු පෙළ කඩුලු 177ක් දවාගෙන තිබෙනවා.

මිසන් ඔහුගේ තරුණ අවධියේ දක්ෂ මලල ක්‍රීඩකයෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?