AFC Banner
Empty Ad
Empty Ad

වෙළඳුන් පිරිසක් ඉවත් කිරීමට යාමේ දී අනුරපුර උණුසුම් තත්ත්වයක්

අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ පදික වේදිකාවේ එළවළු වෙළඳාම් කරන වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නගර සභාව විසින් කටයුතු කිරීමට යාමේ දී අද (09) උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

එම අවස්ථාවේ දී වෙළෙඳුන් දෙදෙනෙක් අසළ පිහිටි දැවැන්ත දැන්වීම් පුවරුවක් උඩට නැඟ ගිනි තබාගැනීමට සහ වස පානය කිරීමට උත්සාහ කර තිබෙනවා.

මෙම වෙළෙඳුන් කියා සිටියේ තමන් වසරක පමණ කාලයක සිට මෙම ස්ථානය වෙළඳාම් කටයුතු කරන බවයි.

ඒ, සඳහා ඔවුන් දෛනිකව නගර සභාවට රුපියල් දෙසීයක මුදලක් ගෙවන බව ද මෙහිදී පවසා සිටියා.

මෙහිදී වෙළඳුන් ඉල්ලා සිටියේ ඔවුන්ට ජීවත් වීම සඳහා මෙම වෙළඳාම් කටයුතු ඉදිරියටත් කරගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් අනුරාධපුර පොලිසිය මැදිහත් වී අද (09) දිනයේ පමණක් වෙළඳාම් කටයුතු සිදුකර හෙට (10) දිනයේ සිට මෙම ස්ථානයෙන් ඉවත්වන ලෙසට එම වෙළෙඳුන්ට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?