වෙළඳපොළෙන් බිත්තර අතුරුදන් වෙලා මිල ඉහළට ගිය හැටි හෙළිවෙයි

මේ වනවිට වෙළඳපොළේ බිත්තර මිල ගණන් ඉහළ යෑමට හේතුව ඇතැම් බිත්තර ව්‍යාපාරිකයින් ශීතාගාර තුළ මහා පරිමාණයෙන් බිත්තර තොග රැස්කරගෙන සිටීම හේතුවෙන් බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති මාතලී ජයසේකර අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“පසුගිය ජනාධිපතිවරණයේ දී බලාපොරොත්තු වුන විදියට බිත්තර අලෙවි වුණේ නැහැ මේ කට්ටියට බිත්තර ටික කඩිනමින් අලෙවි කරගන්න ඕන වුණා.ඒ තත්ත්වය නිසා බිත්තර ලක්ෂ පහ ගානේ එළියට දැම්මා. රුපියල් 20 ගානේ අලෙවි කිරීමට මේ කට්ටිය රුපියල් විස්ස ගානේ හොඳ බිත්තර එකතු කර ගත්තා. ඉදිරියට එන උත්සව සමයට වැඩිමිලට බිත්තර විකුණා ගැනීමට, දැන් මේ එන්නේ මැතිවරණ සමයක් මේ හේතුවෙන් වැඩිපුර බිත්තර භාවිත වෙනවා. බිත්තර වලට වැඩි ඉල්ලීමක් පවතිනවා. දෙසැම්බර් මාසේ එන උත්සව සාමය වෙනුවෙන් කේක් හදන්න වෙන්නේ නොවැම්බර් මාසේ එතකොට නොවැම්බර් මාසේ වැඩි වශයෙන් බිත්තර අලෙවි වනවා. නොවැම්බර් මාසේ බිත්තර අලෙවි කරන්න ඕන නිසා තමයි එක කිකිළික්වත් ඇති කරන් නැතිව ශීත ගබඩාවල බිත්තර ගබඩාකරන් ඉන්න අය බිතරවල මිල ඉහළ දාලා තියනවා රජය අපහසුතාවයට පත් කරන්න. අපි රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ බිත්තර ගබඩාවල තියෙන බිත්තර පාරිභෝගික අධිකාරියත් එක්ක ගිහිල්ලා වටලලා මේ අයට නිසි දඬුවම් දෙන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
17
+1
13
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47