වෙළඳපොල ගෑස් හිඟය ගැන වෙළඳ ඇමතිගෙන් හෙළිදරව්වක්

මෙරට ගෑස් වෙළඳපොලෙහි සිටින ලාෆ් ගෑස් සැපයුම්කරුවන්ගේ, ගෑස් සැපයුමෙහි ඇති වූ බිඳ වැටීමත් සමඟ, එම ලාෆ් ගෑස් සැපයුම්කරුවන්ගේ ගෑස් ලබාගත් පාරිභෝගිකයන්ද ලිට්රෝ ගෑස් මිළදී ගැනීම එළඹ ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එම නිසා රජ්ජයේ ලිට්රෝ සමාගම විසින් දිනකට මෙට්‍රික් ටොන් 1000 – 1200ත් අතර ප්‍රමාණයක් නිකුත් කරමින් තිබුණද මේ වන විට ලාෆ් ගෑස් සැපයුම බිඳ වැටීමත් සමඟ ලිට්රෝ ගෑස් ඉල්ලුම වැඩි වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව එම ලිට්රෝ ගෑස් ප්‍රමාණවත් නොවීම නිසා එම අද (19) දිනයේ සිට ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 1500ක් වෙළඳපොළට මුදාහැරීමට තීරණය කළ බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළා.

එමෙන්ම ලාෆ් ගෑස් පමණක් භාවිතා කළ පරිභෝගිකයෙක්ට එක්වරම ලිට්රෝ ගෑස් මිලදී ගත නොහැකි බවත්, එම නිසා අදාළ සමාගම විසින් කඩනමින් සිය ගෑස් සැපයුම සිදු නොකරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
11
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !