මාවතගම, පරගහදෙණිය, සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක දමාගොස් සිටිය දී මාවතගම පොලිසිය විසින් සොයාගත් බිළිඳියගේ මව සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
මේ අතර දින දෙකක් වයසැති මෙම බිළිඳිය දරුකමට හදාගැනීමට ඉල්ලා දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් තමන්ගේ දුරකථනයට පැමිණෙන බව මාවතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ආර්.එම්.එස්.ඒ. පද්මසිරි මහතා සඳහන් කළා.
ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මාවතගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ද එම ඇමතුම් විශාල ප්‍රමාණයක් දිනකට පැමිණෙන බවයි.
මේ අතර අදාළ බිළිඳිය ප්‍රසූත කළ මව කවුරුන්ද යන්න සෙවීමේ විමර්ශන සඳහා සෞඛ්‍ය අංශවල ද සහාය ලබාගෙන ඇති බවයි මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.
එමෙන්ම අවට මාර්ගවල ආරක්‍ෂිත කැමරා දර්ශන ද පරික්ෂා කරමින් මෙම විමර්ශන කටයුතු සිදුකරන බව ‘දසත නිවුස්’ කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියා.
පෙරේදා (17) පෙරවරුවේ සොයාගත් මෙම බිළිඳිය මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක දී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කර සිටියේ බිළිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇයගේ මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සියල්ල සලසන බවයි.















