විශේෂ මෙහෙයුමකින් ඇමරිකානු හමුදා භාරයට ගැනුණු වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් රැගත් ගුවන් යානය නිව්යෝර්ක් හි ස්ටුවර්ට් ගුවන් ජාතික ආරක්ෂක කඳවුරට පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
අනතුරුව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ හෙලිකොප්ටරයකින් මැන්හැටන්හි වෙස්ට්සයිඩ් හෙලිපෝර්ට් වෙත ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජනපද මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනයේ මූලස්ථානයට ගෙන ගොස් ඇති බව සඳහන්.
එතැන් සිට, ඔහු බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන යනු ලබන අතර, ලබන සතියේ මෑන්හැටන් ෆෙඩරල් අධිකරණයේ මත්ද්‍රව්‍ය සහ ආයුධ චෝදනාවලට මුහුණ දීමට පෙර ඔහු රඳවා තබා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.
ඊයේ (03) අලුයම් කාලයේ වෙනිසියුලානු අගනුවර ඇමරිකානු හමුදාව සිදුකළ මෙහෙයුමක දී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන රටින් පිටතට රැගෙන යාමට කටයුතු කළා.
එලෙස රැගෙන ගිය වෙනිසියුලානු ජනාධිපතිවරයා ඇමරිකානු යුද නෞකාවක් තුළ රඳවා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියට පත්කර තිබුණා.




