වෙන්නප්පුව විෂ කසිප්පු සිද්ධියේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් හයදෙනෙකු මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරුව දින 02ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙන්නප්පුව පොලීසියට අවසර ලබා දී තිබෙනවා.

වෙන්නප්පුව, බණ්ඩිරිප්පුව, ගාලවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකු මෙලෙස රඳවා ගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලැබී ඇත්තේ.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ වෙන්නප්පුව, බණ්ඩිරිප්පුව, ගාලවත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු පෙරේදා (07) දිනයේ අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.

මේ අතර විමර්ශන නිලධාරින් විසින් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පෙරේදා (07) දිනයේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එම සැකකාරියන් දෙදෙනා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය 06 වන දින වෙන්නප්පුව පොලිස් වසමේ දී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙකු මියගියා.

මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මීතේන් ඇල්කොහොල් විෂ වීමෙන් මෙම මරණ සිදුවී ඇති බවයි.

මේ අතර මෙම විෂ සහිත නීති විරෝධී මත්පැන් පානය කළ තවත් පුද්ගලයන් 08 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් ජනතාව බලාගන්න පාලකයන් මැදිහත් වුණේ නෑ..අපි ඒක කරමින් ඉන්නේ
15:20
Video thumbnail
"අනුර ජනාධිපති සහෝදරයට ස්තූතියි.."ගිනි අවි නඩුවට ඇතුළට ගිය හිටපු අමාත්‍ය ඩග්ලස්ට ඇප..
01:46
Video thumbnail
තාජුඩීන් ඝා#නයේ වෙ#ඩි සුවඳ මට දැන් දැණුනා
03:05
Video thumbnail
රාජ්‍ය ලාංඡනයේ ධර්මචක්‍ර‍යත් වෙනස් කරලා - බුද්ධාගම විකෘති කරන්න හදන්නේ
10:39
Video thumbnail
චාමර සම්පත් හොඳම එකෙන් කියයි..ලාල් හොඳයි අඩියක් ග#ලා චූන් එකේ ඉන්න.."චණ්ඩියා කියලා හැමෝම කියන්නේ "
06:18
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ යකා නටයි - අපරාදේ සල්ලි
01:56
Video thumbnail
අජිත් නැගිටිලා බිමල් එක්ක ගේම ඉල්ලයි
01:42
Video thumbnail
කවුද මට මේ රෙද්ද ඇන්දුවේ.. නාමල්ගේ කතාවෙන් හැමෝටම හිනා
07:08
Video thumbnail
හදුන්නෙත්තිගේ රතු කට්ට පනියි "ඒවා ගිහින් විපක්ෂයෙන්ම අහගන්න"
02:56
Video thumbnail
හරිනිව බේරාගන්න කවුරුත් නෑ.. දුකේ බෑ
08:34


?