වෙන්නප්පුව විෂ කසිප්පු සිද්ධියේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් හයදෙනෙකු මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරුව දින 02ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙන්නප්පුව පොලීසියට අවසර ලබා දී තිබෙනවා.

වෙන්නප්පුව, බණ්ඩිරිප්පුව, ගාලවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකු මෙලෙස රඳවා ගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලැබී ඇත්තේ.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ වෙන්නප්පුව, බණ්ඩිරිප්පුව, ගාලවත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු පෙරේදා (07) දිනයේ අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.

මේ අතර විමර්ශන නිලධාරින් විසින් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පෙරේදා (07) දිනයේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එම සැකකාරියන් දෙදෙනා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය 06 වන දින වෙන්නප්පුව පොලිස් වසමේ දී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙකු මියගියා.

මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මීතේන් ඇල්කොහොල් විෂ වීමෙන් මෙම මරණ සිදුවී ඇති බවයි.

මේ අතර මෙම විෂ සහිත නීති විරෝධී මත්පැන් පානය කළ තවත් පුද්ගලයන් 08 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22