වෙන්නප්පුවෙන් හමු වු හෙරොයින්

වෙන්නප්පුව උලහිටියාව ප්‍රදේශයේ දී  හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 638ක් සොයා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත් වී තිබේ.

ඒ සමග 28 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු පැවසුවේ දැනට විදෙස් රටක සැඟවී සිටිතැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමීර නැමැත්තා එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවය.