වෙඩි සලකුණු සහිත මියගිය පුද්ගල මළසිරුරක් හමුවෙයි (වීඩියෝ)

ජාඇළ – උස්වැටකෙයියාව මුහුදු ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් හමු වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි වියෙහි පමණ වන පුද්ගලයෙකු බවයි.

ඔහුගේ සිරුරට වෙඩි වැදුණු සලකුණු කිහිපයක් ද දිස්වන බව ද වාර්තා වනවා.

තවමත් මරණකරුගේ අනන්‍යතාව හඳුනාගෙන නැහැ.