වෙඩි තැබීමට විරෝධය පා මීටියාගොඩ පොලිසිය ඉදිරිපිට පිරිසක් විරෝධයේ (ඡායාරූප)

ඊයේ (21) මීටියාගොඩ ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමට විරෝධය පළකරමින් වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මීටියාගොඩ පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඊයේ (21) රාත්‍රි 10.00ට පමණ ඔවුන් ඉටිපන්දම් දල්වා නිහඬ විරෝධතාවයක නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලිසිය ඉදිරිපිට පැයක් පමණ විරෝධතාවයේ නිරත වූ එම පිරිස සාධාරණයක් ඉටුකරන ලෙස ඔවුන් පොලිසියෙන් ඉල්ලා සිටියා.

මීටියාගොඩ – මහවෙල ප්‍රදේශයේ ඊයේ (21) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමක දී ජාවාරම්කරු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි සැකකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

වැඩි වැදීමෙන් ඔහුගේ වම් පාදයේ වළලුකර ආශ්‍රිත ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?