වෙඩි තැබීමට විරෝධය පා මීටියාගොඩ පොලිසිය ඉදිරිපිට පිරිසක් විරෝධයේ (ඡායාරූප)

ඊයේ (21) මීටියාගොඩ ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමට විරෝධය පළකරමින් වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මීටියාගොඩ පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඊයේ (21) රාත්‍රි 10.00ට පමණ ඔවුන් ඉටිපන්දම් දල්වා නිහඬ විරෝධතාවයක නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලිසිය ඉදිරිපිට පැයක් පමණ විරෝධතාවයේ නිරත වූ එම පිරිස සාධාරණයක් ඉටුකරන ලෙස ඔවුන් පොලිසියෙන් ඉල්ලා සිටියා.

මීටියාගොඩ – මහවෙල ප්‍රදේශයේ ඊයේ (21) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමක දී ජාවාරම්කරු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි සැකකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

වැඩි වැදීමෙන් ඔහුගේ වම් පාදයේ වළලුකර ආශ්‍රිත ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36