වෘත්තීය පුහුණු අධිකාරියේ ගැටලු පිළිබඳව විමර්ශනයට පියවර

වෘත්තීය පුහුණු අධිකාරියේ 2017 සහ 2018 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාවේ මතු කර ඇති ගැටලු පිළිබඳව ‍විමර්ශනය කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පියවර ගෙන තිබෙනවා.

පනතේ වලංගුභාවය පිළිබද කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රශ්න කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන ගණකාධිකාරීවරයාම අභ්‍යන්තර විගණකවරයා ලෙස කටයුතු කිරීමේ වලංගුභාවය පිළිබඳව සහ ඒ තුළින් ලැදියාව පිළිබඳ ගැටුමක් ඇති වීම පිළිබදව ද මෙහිදී ප්‍රශ්න කර තිබෙනවා.

එවැනි කරුණු අධීක්ෂණය කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නොමැති වීම පිළිබඳව ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු වුණා.

හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමෙන් පසුව, අධිකාරියේ විෂය පථය තුළ දක්වා ඇති බලතල ක්‍රියාත්මක කිරීමට බලධාරියෙකු නොමැති වීම පිළිබදව ද සාකච්ඡා වූ අතර වැටුප් සඳහා චෙක්පත් අත්සන් කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න කමිටුව විසින් ප්‍රශ්න කිරීමේදී අදාළ ක්‍රියාපටිපාටිය නුසුදුසු බව ද අනාවරණය වී තිබෙනවා.

  1. පනතේ වලංගුභාවය පිළිබද කෝප් සභාපති ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි

වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන ගණකාධිකාරීවරයාම අභ්‍යන්තර විගණකවරයා ලෙස කටයුතු කිරීමේ වලංගුභාවය පිළිබඳව ද ඒ තුළින් ලැදියාව පිළිබද ගැටුමක් ඇති වීම පිළිබදව ද මෙහිදී ප්‍රශ්න කෙරිණි. එවැනි කරුණු අධීක්ෂණය කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නොමැති වීම පිළිබදව ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමුවිය.

හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමෙන් පසුව, අධිකාරියේ විෂය පථය තුළ දක්වා ඇති බලතල ක්‍රියාත්මක කිරීමට බලධාරියෙකු නොමැති වීම පිළිබදවද සාකච්ඡා කෙරිණි. වැටුප් සඳහා චෙක්පත් අත්සන් කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න කමිටුව විසින් ප්‍රශ්න කිරීමේදී අදාළ ක්‍රියාපටිපාටිය නුසුදුසු බව ද අනාවරණය විය.

අධිකාරියේ පනත බොහෝ පැතිවලින් අසම්පූර්ණ බව පෙනී යන බැවින් ඉදිරි මාස 03 ක කාලය තුළ පනත සමාලෝචනය කරන ලෙසත් ඒ පිළිබද ප්‍රගති සමාලෝචනයක් ඉදිරි සති දෙකක කාලයකින් ඉදිරිපත් කරන ලෙසත් කාරක සභා සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළේය.

  1. කාරක සභා සභාපතිවරයා වෘත්තීය පුහුණු අධිකාරියේ ව්‍යවස්ථාපිත කාර්යයන් විමර්ශනය කරයි.

සභාපතිවරයාගේ ප්‍රශ්න කිරීමෙන් පසු, වෘත්තීය පුහුණු අධිකාරියට පැවරී ඇති වගකීම් ක්‍රියාත්මක කිරීමේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා විය. පාඨමාලා සංවර්ධනය සදහා යොදා ගන්නා පර්යේෂණ යල් පැන ගිය ක්‍රමවේදයන් බව ද අනාවරණය විය. ජාත්‍යන්තර රැකියා වෙළඳපොලේ පවතින ඉල්ලුම අනුව මෙම පාඨමාලා සකස් විය යුතු බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දෙන ලදී.

ඉදිරියට යන ලෝකයට ගැළපෙන පරිදි පාඨමාලා සහ විෂයමාලා සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු බව කමිටු සාමාජිකයෝ අවධාරණය කළහ.

දළ වශයෙන් ගත් කළ වසරකට සාමාන්‍ය පෙළ හැර යන 300,000 ක පිරිසකගෙන් සහ උසස් පෙළ හැර යන අය 200,000 ක පිරිසට වෘත්තීය පුහුණුව සඳහා ඇත්තේ අවස්ථාවන් 105,000 ක් පමණක් බවත් මෙහිදී අනාවරණය විය.

පුළුල් වෙළෙඳපොළ සමීක්ෂණයකින් අනතුරුව ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට ගැළපෙන අධ්‍යයන වැඩසටහනක් මෙන්ම අධිකාරිය සඳහාම ආයතනික සැලැස්මක් මාස 03ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට කෝප් සභාපතිවරයා මෙහිදී නියෝග කළේය.

  1. 2017 සහ 2018 වර්ෂ සඳහා විගණකාධිපතිවරයා විසින් මතු කරන ලද ගැටලු

2017 සිට 2023 දක්වා සිදු වූ පිරිස් මාරුවකට අදාළ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන්, කෝප් සභාපතිවරයා විසින් 2023 මැයි 09 වන දින දක්වා ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම කල්තබන ලදී. මීට අදාළව ගනු ලැබූ මූල්‍ය හා පරිපාලන තීරණ සඳහා වගකිවයුතු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙම රැස්වීම සඳහා කැඳවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45