වී ගොවීන්ට ලබන සතියේ සිට නොමිලේ ඉන්ධන

චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාව සඳහා නොමිලයේ ලබා දීමට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය වහාම ගොවි ජනතාව වෙත බෙදාහරින්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ යටතේ මෙවර මාස් කන්නයේ අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබාදීමට යි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව හෙක්ටෙයාර් 01ක් සඳහා ඩීසල් ලීටර් 15ක් බැගින් ලබා දීමට නියමිතයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමේ දී සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරින් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය, හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාවේ දී ගන්නා ලද තීරණ අනුව අදාළ ඉන්ධන තොගය බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ඇරඹීමටත්, ඊට අදාළ ටෝකන් පත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාවට නිකුත් කිරීම කඩිනම් කිරීමටයි තීරණය වී ඇත්තේ.

ටෝකන්පත්වලට අදාළ ඉන්ධන ප්‍රමාණයන් නම් කර ඇති ඉන්ධනහල් වෙතින් ගොවීන්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සපයනු ලබනවා.

ගොවි ජනතාව වෙත නොමිලේ නිකුත් කරන ඉන්ධන ලබා ගැනීමේ දී යම් ගැටලුවක් මතුවුවහොත් වහාම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත හෝ සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස්වරුන්ට දැනුම් දෙන ලෙසටයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙම ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 99ක මුදලක් වැය වන අතර එම මුදල් ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

එතෙක් ගොවීන් වෙත ඉන්ධන ටෝකන්පත් බෙදාහැරීම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන මගින් සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53