වීසා ගැටලුවට ගුවන්තොටේ දී කලබලයක් ඇති පුද්ගලයාට හා නිලධාරීන්ට වැඩ වරදින ලකුණු

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට සහ සිද්ධිය පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අද (06) දින විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

මේ අතර පසුගිය පළමු වනදා වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති බව කියන නීතීඥ සඳරු කුමාරසිංහ නැමැත්තා අද (06) දිනයේ ප්‍රක්ෂයක් සටහන් කර ගැනීම වෙනුවෙන් ගුවන් තොටුපොළ පොලිසිය වෙත කැඳවා තිබුණා.

එහිදී ඔහුගෙන් පැය 01යි විනාඩි 40ක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු නිදහස් කර තිබුණා.

එලෙස ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පොලිසියෙන් පිටතට පැමිණි නීතීඥ සඳරු කුමාරසිංහ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ තමන් එදින තම රුසියානු ජාතික පෙම්වතිය සමඟ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

එහිදී තමන් සහ ඇයට තිබූ දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් තමන් එලෙස අදහස් ප්‍රකාශ කළ බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

තමන්ගෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සුහදශීලී ලෙස ප්‍රශ්න කිරීම සිදුකර ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු යළි පැමිණීමට අවශ්‍ය නොවන බව පොලිසිය තමන්ට දැනුම් දුන් බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
12
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34