AFC Banner
AFC Banner
Empty Ad

වීරකැටියේ වෙඩික්කරුවන් වෑන් රථයක් පැහැරගෙන පළාගිය බවට තොරතුරු (ඡායාරූප)

වීරකැටිය – රන්න ප්‍රධාන මාර්ගයේ හීන්බුන්න ප්‍රදේශයේ අද (19) දහවල් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය මිරිජ්ජවිල පැරණි ප්‍රාදේශීය සභව අසළ දමා මාර්ගයේ පැමිණි වැන් රථයක නැඟී පලාගොස් ඇති බවයි.

ඔවුන් එලෙස පැහැරගෙන පලාගිය වෑන් රථය ද එහි රියදුරුගේ දෑත් බැඳ කතරගම ප්‍රදේශයේ දමාගොස් තිබිය දී හමුවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අද (19) දහවල් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, වකමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසු වූ අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා අතුල ඔක්ස්ෆර්ඩ් රත්නායක නැමති අපරාධ රැසකට සම්බන්ධව බන්ධනාගාර ගතව සිට ඇපමත පැමිණ සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

තිදරු පියෙක් වන මොහු වෙඩි තැබීම සිදු වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර ද වීරකැටිය පොලිසියේ සිට නිවස බලා යමින් සිටිය දී වීරකැටිය – රන්න මාර්ගයේ කිරිමැටිකඳ ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගත් අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය සැකපළ කරන්නේ මොහු සමඟ උරණව සිටි ඥාතියෙකු මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි.

02 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?