වීරකැටියේ වෙඩික්කරුවන් වෑන් රථයක් පැහැරගෙන පළාගිය බවට තොරතුරු (ඡායාරූප)

වීරකැටිය – රන්න ප්‍රධාන මාර්ගයේ හීන්බුන්න ප්‍රදේශයේ අද (19) දහවල් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය මිරිජ්ජවිල පැරණි ප්‍රාදේශීය සභව අසළ දමා මාර්ගයේ පැමිණි වැන් රථයක නැඟී පලාගොස් ඇති බවයි.

ඔවුන් එලෙස පැහැරගෙන පලාගිය වෑන් රථය ද එහි රියදුරුගේ දෑත් බැඳ කතරගම ප්‍රදේශයේ දමාගොස් තිබිය දී හමුවූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අද (19) දහවල් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, වකමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසු වූ අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා අතුල ඔක්ස්ෆර්ඩ් රත්නායක නැමති අපරාධ රැසකට සම්බන්ධව බන්ධනාගාර ගතව සිට ඇපමත පැමිණ සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

තිදරු පියෙක් වන මොහු වෙඩි තැබීම සිදු වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර ද වීරකැටිය පොලිසියේ සිට නිවස බලා යමින් සිටිය දී වීරකැටිය – රන්න මාර්ගයේ කිරිමැටිකඳ ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරාගත් අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය සැකපළ කරන්නේ මොහු සමඟ උරණව සිටි ඥාතියෙකු මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි.

02 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27