විස්සයි විස්ස ලෝක කුසලානයට ඉන්දීය සංචිතය නම්කෙරේ

2026 වසරේ දී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

15 දෙනෙක් ගෙන් සමන්විත මෙම සංචිතය සඳහා නායකත්වය සපයනු ලබන්නේ සූර්යකුමාර් යාදව් විසින්.

එමෙන්ම මීට පෙර ඉන්දියවිස්සයි විස්ස කණ්ඩායමේ උප නායකත්වය හිමිව තිබූ ශුබ්මන් ගිල් උප නායකත්වයෙන් ඉවත්කර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක අක්ෂාර් පටෙල්ට නම් කර තිබෙනවා.

ඒ අනුව 2026 විස්සයි විස්ස සංචිතය සඳහා වන ඉන්දීය සංචිතය සඳහා සූර්යකුමාර් යාදව් (නායක), අභිෂේක් ෂර්මා, සංජු සැම්සන් (කඩුලු රකින ක්‍රීඩක), ඉෂාන් කිෂාන් (කඩුලු රකින ක්‍රීඩක), තිලක් වර්මා, හර්දික් පාණ්ඩ්‍යා, ශිවම් ඩුබේ, අක්සාර් පටෙල් (උපනායක), රින්කු සිං, ජස්ප්‍රිත් බුම්රා, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්ති, වොෂින්ටන් සුන්දර් ඇතුළත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?