T20 පිටියේ වසරේ ක්‍රීඩකයා SKY

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන වසරේ (2022) විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව් නම් කර තිබෙනවා.

පසුගිය වසර තුළ සූර්යකුමාර් යාදව් පිත්තෙන් වාර්තා රාශියක් බිඳ දමමින් විස්සයි විස්ස පිටිය තුළ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.

එහිදී ඔහු විස්සයි විස්ස පිටියේ දී 2022 කැලැන්ඩර වර්ෂය තුළ ලකුණු 1000 ඉක්ම වූ දෙවන පිතිකරුවා බවට පත් වූ අතර, පසුගිය වසරේ ඔහු එම ආකෘතිය තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 1164ක්.

මේ අතර අයි.සී.සීය විසින් 2022 වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ මාර්කෝ ජැන්සන් තේරී පත්ව තිබෙනවා.

මාර්කෝ ජැන්සන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පසුගිය වසරේ දී ටෙස්ට් කඩුලු 36ක් සහ ලකුණු 234ක් රැස්කරගෙන ඇති අතර, එක්දින කඩුලු දෙකක් සහ විස්සයි විස්ස එක් කඩුල්ලක් දවා ගත්තා.

වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස මාර්කෝ ජැන්සන් තේරීපත් වුනේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං, ඇෆ්ගනිස්තානයේ ඊබ්‍රහීම් සද්‍රාන් සහ නවසීලන්ත පිතිකරු ෆින් ඇලන් පසුකර යමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34