විසඳුම් නොලැබුණොත් ලබන සතියේ අඛණ්ඩ වැඩ වර්ජනයක් – දුම්රිය ස්ථානාධිපතිවරු අනතුරු අඟවයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය මේ වනවිට සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

අද (17) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රියාවලිය යථාවත් කිරීම, ශ්‍රේණි උසස් කිරීම සහ වරප්‍රසාද ලබාදීමේදී පවතින ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මවම වැඩ වර්ජනයේ නිරත වනවා.

දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කරන මෙම වැඩ වර්ජනයෙන් පසු සිය ඉල්ලීම්වලට රජය විසින් විසඳුම ලබා නොදුනහොත් ලබන සතියේ දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක යොමුවීමට කටයුතු කරන බවයි සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වනවිට ක්‍රියාත්මක මෙම වැඩවර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින දුම්රිය මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය ඇතුළු රජය වගකිව යුතු බව ද ඔහු මෙහිදී පැවසුවා.

සාමාන්‍ය දිනක දී ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාර 325ත් 300ත් අතර ප්‍රමාණය මෙම වැඩ වර්ජනයත් සමඟ අද (17) සවස්වන විට උපරිම දුම්රිය 25ක් පමණ ධාවනය කෙරෙනු ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී සඳහන් කළා.

මේ අතර විසඳුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත්කරමින් දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර පුරප්පාඩු 909ක් සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලබා ගෙන ඇති බව අදාල නිවේදනය මඟින් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?