AFC Banner
AFC Banner
Empty Ad

විසඳුම් නොලැබුණහොත් අපිත් වර්ජනයට සහාය දෙනවා – දුම්රිය පාලකවරුන්ගේ සංගමය

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම්; තමන් ද වැඩ වර්ජනයට පූර්ණ සහාය දක්වන බව දුම්රිය පාලකවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.

මේ වනවිට (14) දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා සමග දුම්රිය ස්ථානාධිපති සංගමය විශේෂ සාකච්ඡාවක් ද පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.

හදිසියේ හෝ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට මෙම සාකච්ඡාවෙන් පසු ව නිසි විසඳුම් නොලැබුණහොත් සිය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට ප්‍රවාහන අමාත්‍යවරයාට ලිඛිත ව දැනුවත් කරන බව ද දුම්රිය පාලකවරුන්ගේ සංගමය පවසනවා.

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ තීරණය කළා.

ඔවුන් පවසන්නේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (14) පස්වරු 2.00ට පෙර සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ එකම සේවා ගණයට අයත්ව සිටි ශ්‍රේණිවලින් දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණිය පමණක් සිතාමතාම මගහැර සෙසු ශ්‍රේණි සඳහා වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම මගින් තමන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බව ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය නිරවුල් කරගැනීම සඳහා අවස්ථා ගණනාවක දී බලධාරීන් සමග සාකච්ඡා කළ ද එහිදී ලබාදුන් එකඟතා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

WhatsApp Image 2024 06 14 at 14.41.47 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?