විෂ මුද්දෙන් රජුව මරන්න හැදු ඔටුන්න හිමි කුමාරයා

විෂ පෙවූ මුද්දකින් සෞදි රජුව ඝාතනය කරන්න හැදු සැලසුම
සෞදි අරාබිය පාලනය කළ අබ්දුල්ලා රජු මරා දැමීමට ඔටුන්න හිමි සල්මාන් කුමරු වරක් යෝජනා කළ බවට එරට හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටිනවා.

අබ්දුල්ලා රජු 2015 වර්ෂයේදී අභාවප්‍රාප්ත වුවා.

CBS නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සෞදි අරාබියේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වන සාද් අල්- ජබ්රි සඳහන් කලේ ඔටුන්න හිමි කුමරු වන සල්මාන් කුමරු විසින් සිය ඥාති සහෝදරයින් වෙත රජු ඝාතනය කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ බවයි.

” 2014 වර්ෂයේ දී ඔටුන්න හිමි සල්මාන් කුමරු අබ්දුල්ලා රජු ඝාතනය කිරිම සඳහා යෝජනා කළා ඔහුගේ ඥාතිසහෝදරයින්ට. එවකට ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් බින් නායිෆ් කුමරුට මේ යෝජනාව සිදුකළා.” එම බුද්ධි අංශ නිලධාරියා පැවසුවා.

සල්මාන් කුමරුට අවශ්‍යව තිබුණා ඔහුගේ පියාට සෞදියේ පාලකයා වීමට අවශ්‍ය මාර්ගය සකස් කරන්න.

” මට ඔහුව මරන්නයි අවශ්‍ය. ඒකට රුසියාවෙන් විෂ පෙවූ මුද්දක් ලබා ගන්න මට පුළුවන්. අබ්දුල්ලා රජුට අතට අත දෙන්න පමණයි අවශ්‍ය මට. එතැනින් එහාට ඔහුගේ කතාව අහවරයි” සල්මාන් කුමරු විසින් ප්‍රකාශ කළ බවයි සාද් අල්- ජබ්රි ප්‍රකාශ කළේ.

මෙම හමුව රහසිගතව පැවැත්වුවත් එය කැමරා කොට අදාළ වීඩියෝ කොපි දෙකක් රහසිගත ස්ථානයක සඟවා තිබෙන බවද ජබ්රි සඳහන් කර සිටියා.

2015 වර්ෂයේ දී අබ්දුල්ලා රජු අභාවප්‍රාප්ත වූ අතර ඉන් පසුව මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ පියා සෞදි අරාබියේ රජු වශයෙන් නම් කරනු ලැබු අතර එවකට ස්වදේශ කටයුතු කළ මොහොමඩ් බින් නායිෆ් ඔටුන්න හිමි කුමරු ලෙස නම් කර සිටියා.

කෙසේ වුවත් 2017 වර්ෂයේදී මොහොමඩ් බින් නායිෆ් ධුරයෙන් ඉවත් කෙරුණු අතර, ඔහුගේ ස්ථානයට මොහොමඩ් බින් සල්මාන් කුමරු පත් කරනු ලැබුවා.

කෙසේ වුවත් මොහොමඩ් බින් නායිෆ් කුමරු දැරූ ඇමති පදවියෙන් ද ඔහු ඉවත් කොට නිවාස අඩස්සියට පත් කෙරුණා.

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් ද සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ට චෝදනා එල්ල වූවා.

කෙසේ වුවත් මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැනට නඩු විභාගයක් ද සෞදියේ ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?