විෂ පොල්තෙල් අර්බුදයේ අලුත්ම තත්ත්වය මෙන්න

පිළිකා කාරක අඩංගු බවට තුන්වරක්ම තහවුරු වූ පොල්තෙල් තොගය ආනයනය කළ පුද්ගලයින්ට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් පිළිකා කාරක අඩංගු බැවින් ප්‍රතිඅපනයනය කරන ලෙස නිර්දේශ කර තිබියදී ආනයනකරුවන්ගේ ගබඩා වෙත අදාළ පොල්තෙල් මුදා හැර ඇති බවට හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයත් සමඟ පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් මතුවුණා.

එම පසුබිම හමුවේ ප්‍රශ්නගත පොල්තෙල් වෙළඳපොලට නිකුත් වී ඇති බවට ද පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් චෝදනා කළ අතර, ඒ අනුව පාරිභෝගික අධිකාරිය මගින් දිවයින පුරා පොල්තෙල් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට සාම්පල ලබා ගත්තා.

එලෙස ලබා ගත් සාම්පල අතරින් 55 ක වාර්තා ඊයේ ලැබී තිබූ අතර එහිදී තහවුරු වුණේ එම පොල්තෙල් වල පිළිකා කාරක අඩංගු නොවන බවටයි.

ඒ පිළිබඳව සහ පොල්තෙල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහායි අද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවේ.

එම මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ ප්‍රශ්න ගත පොල්තෙල් ආනයනය කළ එක් සමාගමක් ඉදිරි දින කිහිපය තුල තම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කරන බවට දැනුම් දී ඇති බවයි.

රේගුවෙන් නිදහස් කළ පොල්තෙල් ප්‍රමාණයම අදාළ ගබඩා තුල ඇද්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදීමේදී රාජ්‍ය අමාත්‍යවරයා සහ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ වැටලීම් අධ්‍යක්ෂ අසේල බණ්ඩාර ද එක්වුණා.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලින් ඊයේ සොයා ගැණුනු සැක කටයුතු පොල්තෙල් කන්ටේනරයේ සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයට යොමුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද දඹුල්ල පොලීසියට සහ මහනගර සභාවට නියෝග කළා.

දඹුල්ල මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා සඳහන් කළේ ලබන සඳුදා එම සාම්පල කාර්මික තාක්ෂණ ආයතනයට යොමුකරන බවයි. පිලිකා කාරක අඩංගු පොල්තෙල් ගෙන්වූ සමාගමකට අයත් පොල්තෙල් බවුසර් දෙකක් පසුගිය අඟහරුවාදා දංකොටුව ප්‍රදේශයෙන් හමුවූ අතර එහි තිබූ පොල්තෙල් ලීටර් ප්‍රමාණය 55,000ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09