AFC Banner
AFC Banner
Empty Ad

විශේෂ මෙහෙයුමකින් ගංජා හේන් තුනක් ගිනි තබා විනාශ කෙරේ

හම්බන්තොට යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව යාල රක්ෂිතයේ කලාප අංක 04 – කැබිලිත්ත දේවාලයට ආසන්නයේ මායාගල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී මහා පරිමාණයෙන් වගා කළ ගංජා හේනක් විනාශ කිරීමට යුද හමුදා බුද්ධි අංශ සමත් වුණා.

මෙම මෙහෙයුම සිදු කිරීමට බුද්ධි අංශ නිලධාරීන්ට අමතරව ගල්ගේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ කතරගම වන අඩවි කාර්‍යාලයේ නිලධාරීන් ද එක් ව සිටියා.

අදාළ මෙහෙයුම් මාලාව දින 04ක් තුළ රහස් මෙහෙයුමක් ලෙස සිදු කෙරුණු අතර එහිදී ගංජා හේන් 03ක් වැටලීමට හැකි වුණා.

අක්කර තුනක භූමි ප්‍රමාණයක වගා කර තිබූ රුපියල් ලක්ෂයකට අධික උසින් 07ක අක්කර 03ක් සහ උසින් අඩි 04ක අක්කර 05ක ගංජා හේන් මෙලෙස ගිනි තබා විනාශ කෙරුණා.

සැකකරුවන් මෙහෙයුම සිදුවන අවස්ථාවේ දී ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?