විශේෂ ගුවන් යානයකින් බැසිල් රටින් පිටව ගියාද ?

කොවිඩ් ආසාදිතව සිටින හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බවට පැතිරෙන වාර්තාව අසත්‍යයක් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටිනවා.

විවිධ සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කලේ රත්මලානේ සිට ගුවන් ගතවූ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා දිවයිනෙන් බැහැරව ගිය බවයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ රත්මලාන ගුවන් තොටුපොළේ සිට පිටත්ව ගිය ගුවන් යානයේ සිටියේ මීට දින කිහිපයකට් පෙර මෙරටට පැමිණ සිටි විදේශිකයින් පිරිසක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?