විශේෂ ආරක්‍ෂක සාකච්ඡාවකට අරුණ ජයසේකර ඇතුළු පිරිසක් ජපානයට

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක දූත පිරිසක්, දෙවන වරට පැවැත්වෙන ජපාන – ශ්‍රී ලංකා ආරක්‍ෂක සංවාදයට සහභාගී වීම සඳහා ජපානයේ දෙදින නිල සංචාරයක නිරත වුණා.

එහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව සහ සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධ උපායමාර්ගික සබඳතා යළි තහවුරු කෙරුණා.

මෙම නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකා දූත පිරිස ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් සාකච්ඡා වට කිහිපයකටම සහභාගී වුණා.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනක් කුමාරසිංහ මැතිතුමා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එරටට ළඟා වූ ශ්‍රී ලංකා දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

ඒ අනුව, ශ්‍රී ලංකා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Kunimitsu Ayano අතර පෙරේදා (17) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ජාතික ආරක්‍ෂක ප්‍රමුඛතාවයන් මහජන අභිලාෂයන්ට අනුකූල වන පරිදි පෙළගැස්වීම සඳහා රජය ගෙන ඇති ආරක්‍ෂක ප්‍රතිසංස්කරණ පිළිබඳව එහිදී කරුණු පැහැදිලි කළා.

විධිමත් රාජ්‍ය පරිපාලනය ප්‍රවර්ධනය කිරීම, දූෂණය පිටුදැකීම, නීතිය ආරක්‍ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ නොබැඳි පිළිවෙත අනුගමනය කරමින් විධිමත් නීතිරීති පද්ධතියක් යටතේ ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාමට රජය දක්වන කැපවීම ජපාන රාජ්‍ය අමාත්‍යවරියගේ ඇගයීමට ලක්වුණා.

මෙම සාකච්ඡාව සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මට්ටමේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වුණා.

මීට අමතරව, ජපන්-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) මාර්තු 17 වන දින සන්ධ්‍යාවේදී ජපාන අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟ තවත් විශේෂ සාකච්ඡාවකට සහභාගී වී සිටියා.

මෙම අවස්ථාවට ජපාන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය Miyazaki Masahisa මැතිතුමා, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය Kano Koji මැතිතුමා සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ (JMSDF) මාණ්ඩලික ප්‍රධානී සහභාගී වුණා.

මෙහිදී, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනය කිරීම, සමුද්‍රීය ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්ෂේත්‍රයන්හි ධාරිතා වර්ධන මුලපිරීම් සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක් පිළිබඳව ඵලදායී අයුරින් සාකච්ඡා කෙරුණා.

ආරක්‍ෂක රාජ්‍යතාන්ත්‍රිකභාවය හරහා ගොඩනැගුණු මිත්‍රත්වය, සංස්කෘතික හුවමාරු සහ නිල ආරක්‍ෂක සහයෝගිත (Official Security Assistance – OSA) වැඩසටහන පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

විශේෂයෙන්ම සාගරය ආශ්‍රිතව සිදුවන දේශසීමා ඉක්මවා යන අපරාධ මර්දනය සඳහා වන ඒකාබද්ධ උත්සාහයන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ජපානයේ දායකත්වය ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31