Empty Ad
AFC Banner
Empty Ad

විශ්වගේ දායකත්වය එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් වෙත

ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු වෝර්වික්ෂයර් ප්‍රාන්තය සමග කෙටි කාලීන ව ගිවිසුම්ගත වී තිබෙනවා.

ඔහුගේ ක්‍රීඩා දායකත්වය එළඹෙන අප්‍රේල් මාසයේ දී තරග 03ක් වෙනුවෙන් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වමත් වේග පන්දු යවන්නෙකු වන විශ්ව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි ශූරතාව වෙනුවෙන් මෙලෙස අත්සන් තබා තිබෙනවා.

විශ්ව ප්‍රනාන්දු පසුගිය දෙසැම්බරයේ දී දකුණු අප්‍රිකානු සංචාරයේ දී කඩුලු 04ක් ඇතුළුව ටෙස්ට් කඩුලු 79ක් බිඳ හෙලා තිබෙනවා.

ඔහු පසුගිය ගිම්හානයේ දී යෝක්ෂයර් කණ්ඩායම සමඟ ද තරග බිමට පිවිසි අතර එහිදී ඩර්බිෂයර් කණ්ඩායමට එරෙහි තරඟයේ දී කඩුලු 09ක් සමග කඩුලු 17ක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?