AFC Banner
Empty Ad
Empty Ad

විශ්‍රාමික විදුහල්පතිවරයෙකුගේ මළසිරුරක් නිවසකින් හමුවෙයි

යාපනය , පුන්නාලෙයිකඩුවාන් ප්‍රදේශයේ නිවසක තිබි පුද්ගල මළ සිරුරක් ඊයේ (31) සොයාගත් බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වු 68 හැවිරිදි වේලායුදම් බාලසුබ්‍රමනියම් නමැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස හමු ව ඇති බවයි.

අදාළ පුද්ගලයා වසර 10කට ආසන්න කාලයක් බිරිඳගෙන් වෙන් ව තනිව ජීවත් ව ඇති අතර එම නිවස කුලියට දීමට සූදානමින් සිට ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

නිවසක් තුළ මළ සිරුරක් පවතින බවට ලද තොරතුරක් මත මළ සිරුර සොයාගත් බවත්, මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවත් පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?