විවාහ ලියාපදිංචිය සහ අන්තිම කැමැත්ත වෙනස් වුණ හැටි

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම තීරණය සම්බන්ධයෙන් දැනුම් දෙනු ලැබීය. ඒ අනුව විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම විවාහ ශූන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම් සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වනවිට ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතී. විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විවාහ ලියාපදිංචි කිරීම් සඳහා සපුරාලිය යුතු නියමයන් ඇතුළත්විය යුතු අතර විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම විවාහ ශූන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් සඳහා විධිවිධාන එකී ආඥාපනතේ ඇතුලත්ව නොමැත.

ඒ අනුව විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමටත් අධිකරණ අමාත්‍යවරයා කර ඇති එම යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ අතර නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද අන්තිම කැමති පත්‍ර ආඥාපනතේ සංශෝධිත පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉරිදිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 

අන්තිම කැමති පත්‍ර ආඥාපනත සංශෝධනය කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමිවිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24