spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාහ පොරොන්දු දී සල්ලි ගැරූ රූපලාවණ්‍ය ශිල්පිණියට සිදුවූ දේ

කොරියන් නැවක සේවය කරන 51 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු විවාහ කරගන්නා බව පොරොන්දු දී රුපියල් ලක්ෂ 85 ක් ලබාගෙන වංචා කළ බව කියන 25 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පිනියක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2021 දෙසැම්බර් මස 8 වැනි දින කොරියන් නැවේ සේවය සඳහා පිටත්ව ගිය දින සිට මාස හයක පමණ කාලයක් තුළ තරුණියගේ ඇයගේ අවශ්‍යතා සඳහා රුපියල් ලක්ෂ 85 ක් පමණ මුදලක් වරින් වර ඇය වෙත එවු බව එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.

ඉකුත් ඔක්තෝම්බර් මෙරටට පැමිණි තමන් ඇය හමුවීම සඳහා ඇයගේ නවාතැන වෙත ගිය නමුත් ඇය එහි නැති බවත් මාසයකට පමණ ඉහතදී ඇය ගම් ප්‍රදේශයේ වන කිළිනොච්චියට ගිය බවට දැනගන්නට ලැබුණු බවත් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී පැමිණිලිකරු පවසා තිබිණි.

පසුව දුරකතන දත්ත ඔස්සේ ඇය පදිංචි වී සිටි ස්ථානය හොයාගෙන පොලිස් පණිවුඩ යවා ඇයව කොළඹට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් ඔහුගෙන් මුදල් ලබාගත් බවත් තම අදහස් සහ ඔහුගේ අදහස් නොගැළපීම හේතුවෙන් තමන් ඔහු සමග විවාහ වීමේ බලාපොරොත්තුවක් නැති බවත් තරුණියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි යයි පොලීසිය කියයි. සැකකාර තරුණිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?