විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර ගැන පොලිසිය ගත් තීරණය

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර දෙදෙනා, බැඳුම්කරයකට අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. ලබන 19 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ.

විවාහක රූ රැජිණ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළා.

ඒ, පසුගිය 6 වැනිදා යි.

එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අද (08) දෙපාර්ශවයටම පෙරවරු 10 යි 30ට කුරුඳුවත්ත පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. කුරුඳුවත්ත පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව, ශාපරාධී බලහත්කාරකම් සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි සහ සුපිරි නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට ගෙන තිබුණා.

පෙර පුවත – පුෂ්පිකාගේ කිරුල ගැලවූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?