විරෝධතාවයේ නිරත උපාධිධාරීන් පිරිසට විසඳුම් දෙන්න අධ්‍යාපන ඇමති සූදානම්

පාර්ලිමේන්තුව වටරවුම පිහිටා ඇති දියත උයන ඉදිරිපිට දී මේ වනවිට උපාධිධාරීන් පිරිසක් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

තමන්ට නියමිත පරිදි රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වුණේ.

මේ අතර, මෙම ගැටලුවා සම්බන්ධයෙන් විපක්ෂ නායක සකිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කර සිටියේ විරෝධතාවයේ නිරත පිරිස් තමන් වෙත යොමුකරන ලෙසත්, ඔවුන්ගේ ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට හැකියාවක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?