AFC Banner
Empty Ad
Empty Ad

විරෝධතාකරුවන් 536 දෙනෙකු ජීවිතක්ෂයට

මාස දෙකක් සපිරෙන කාලයක් පිරෙන මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය, ගතවූ කාලය තුළ හමුදා වෙඩි පහරින් විරෝධතාකරුවන් 536 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙහිදි ළමයින් 43 දෙනෙකුද සිටින බවයි සේව් ද චිල්රන් ආයතනය ප්‍රකාශ කළේ. එලෙස මියගිය අය අතර සය හැවිරිදි දරුවෙකුද සිටින බව සඳහන්. මේ අතර මිලිටරි ජුන්ටාව විසින් රඳවාගෙන සිටින මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකීට නව චෝදනා එල්ල කර ඇති බව වාර්තාවනවා. අධිරාජ්‍ය යුගයේ රාජ්‍ය රහස් නීතිය උපයෝගී කරගෙන එල්ලවී ඇති එම චෝදනා යටතේ ඇයට වසර 14 ක් දක්වා සිර දඬුවම් පැමිණවිය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?